මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිකන්ද, සිංහපුර නිව් රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 10, 2017

    සහල් ඇසුරුම් කවර නිෂ්පාදනය කිරීම සදහා පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ඉදිකරන ලද නිව් රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ඊයේ(09) පස්වරුවේ විවෘත කෙරිණි.


    සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිතුමා  එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    අනතුරුව නිව් රත්න පෞද්ගලික ආයතනයට අනුබද්ධ අඹ වගා ව්‍යපෘතිය ද නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිව් රත්න සහල් සැකසුම් මධ්‍යස්ථාන ද නිරික්ෂණය කරනු ලැබීය.

    නිව් රත්න ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කළ සේවක සේවිකාවන් වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරචිචි, පළාත් අමාත්‍ය සම්පත් ශී්‍ර නිලන්ත, පළාත් සභා මන්තී්‍ර එන්.ඩී. සමන්ත යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් සහ නිව් රත්න ව්‍යාපාර ජාලයේ සභාපති එල්.මිත්‍රපාල මහතා ඇතුථ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya