මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි රාජ්‍යයේ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ජනපති හමු වෙයි

    ජූලි 04, 2017

    සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මෙහිදී සිය ප‍්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව ද කියා සිටියේය.

    ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව පැවසූ සෞදි කුමරු එම ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ආරාධනා කළේය.

    ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය ද, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු සඳහන් කළේය.

    සෞදි අරාබිය අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් ලබාදුන් සහය ද ඇගයීමට ලක් කළේය.

    එමෙන්ම ශ්‍රී ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් මෙරට ආර්ථිකයට ලබාදෙන සුවිශාල දායකත්වය ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya