මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදෙනවා - අගමැති

    ජූනි 29, 2017
    පැල්පත් වාසී ජනතාවට මහල් නිවාස ඉදිකර දී ඔවුන් ජීවත් වූ ඉඩම් අනෙකුත් නාගරික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට වත්මන් රජය සැලසුම් කර තිබෙන බවත් කොළඹ නගරය දියුණු කිරීමට ද පොරොන්දු වී තිබෙන අතර එම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම මේ වනවිට සිදු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) මාළිගාවත්ත "ලක්හිරු සෙවන" මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    "මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ජාතික ආණ්ඩුව බලයට පැමිණෙන මොහොතේ මෙම නිවාස ව්‍යාපෘති සියල්ල අඩපන වී තිබුණා. එක් ව්‍යාපෘතියක්වත් නිම කිරීමට අවශ්‍ය මුදල් නොතිබූ නිසා එම නිවාස ව්‍යාපෘති අතරමග ඇණහිටි තිබුණා. පසුගිය ආණ්ඩු සමයේ කොළඹ මහල් නිවාස ගොඩනැගුවේ උසස් පාන්තිකයන් සඳහා පමණයි. දහස් ගණන් මහල් නිවාස ඉදිකර තිබුණේ ඒ උසස් පාන්තිකයන් වෙනුවෙනුයි. සංවර්ධන වැඩ කටයුතු හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි හෝ නිවාස ලබාදීමට අවශ්‍ය මුදල් තිබුණේ නැහැ". 
     
    නිවාස සංවර්ධන අධිකාරියට මෙම මහල් නිවාස ඉදිකිරීමට අමතරව හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව වැනි සුදු අලි පාලනය කිරීමටත් සිදුවී තිබෙනවා. එම ඉදිකිරීම්වලින් ජාතික ආර්ථිකයට එක් සතයක් හෝ එකතු වන්නේ නැහැ. නමුත් ඒ ඉදිකිරීම් සඳහා ලබා ගත් ණය වෙනුවෙන් ගෙවීමට අපට සිදුව තිබෙනවා. ඒ ලබාගත් ණය නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් ඉවත් කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි. 
    ඒ ආකාරයට නිවාස සංවර්ධන කටයුතු සිදු කරන අතරම සුදු අලි වෙනුවෙන් ණය පියවීමට ද අපට සිදු වී තිබෙනවා. එවිට වීදි, පැල්පත් සහ දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇති වෙනවා.
     
    පසුගිය අවුරුදු දෙක ගත වූයේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ රට සංවර්ධනය කිරීමට හැකි ආකාරයේ ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙනුයි. අප රට බාර ගන්නා අවස්ථාව වන විට නැවත ණය ගෙවීමට නොව, ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදලවත් ගෙවීමට තරම්වත් ආදායමක් ආණ්ඩුවට තිබුණේ නැහැ. එකල රටේ ජාතික ආර්ථිකය පැවතුණේ එම පොලී ගෙවීමට පවා ණය ලබා ගැනීමට සිදු වූ තත්ත්වයකයි. අප ඒ තත්ත්වය වෙනස් කළා. ලබා ගත් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලි හෝ ගෙවීමට හැකි ආර්ථිකයක් අප නිර්මාණය කළා. දැන් අපට ඉතිරිව තිබෙන්නේ එම ආර්ථිකය සංවර්ධනය කිරීමයි. 
     
    එක් පැත්තකින් රට සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් යොදවන අතරම අනෙක් පැත්තෙන් ණය පියවීමට අවශ්‍ය මුදල් යෙදවීමට සිදුව ඇතැයි ද මේ රටේ පැවැති කිසිඳු ආණ්ඩුවක් මෙවැනි උගුලකට හසුවන්නට ඇතැයි තමන් නොසිතන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya