මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්

    ජූනි 29, 2017
    රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළයුතුයැයි කෙරෙන යෝජනා ඇතුළත් න්‍යායාත්මක යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිතුමාට භාරදෙයි.
     
    දේශපාලන මතිමතාන්තරවලින් හා ජාතික හා ආගමික අන්තවාදයෙන් තොර සියලු ආගමිකයින් හා ජාතීන් නියෝජනය වන සියලුදෙනාට අවිවාදයෙන් පිළිගත හැකි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහිත විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවීම, මෙම තත්ත්වයට බලපා තිබෙන අභ්‍යන්තරික හා බාහිර හේතු සාධක විමර්ශනාත්මකව සොයා බැලීම, ගැටලු නිරාකරණය කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ හඳුනාගැනීම මෙන්ම එහිදී අනුගමනය කළයුතු ක්‍රමවේද ඇතුළු රජයේ අවධානය යොමුවිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් මෙම යෝජනාවලියට ඇතුළත්ය.
     
    කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින්වහන්සේ, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පසුගිය දා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මෙම යෝජනාවලිය භාරදෙනු ලැබිය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya