අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 28, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (28) පෙරවරුවේ මීගමුව දිස්ත්‍රික්  රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    රෝහල් පරිශ‍්‍රයේ රැඳීසිටිමින් රෝහලේ කටයුතු සොයා බැලූ ජනාධිපතිතුමා ඩෙංගු විශේෂ ප‍්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරතවිය.
     
    මීගමුව සහ අවට ප‍්‍රදේශවල ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ තදබදයක් තිබෙන අතර වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිරව පළාත් පාලන ආයතන මගින් සිදුකළ යුතු කාර්යයන් කඩිනමින් ඉටුකරදීම සඳහා තම සෘජු මැදිහත්වීම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

    අනතුරුව ඩෙංගු රෝගීන්ගේ වාට්ටු සංකීර්ණය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු  නිරීක්ෂණය කළ අතර රෝගීන් සමඟ ද  කථාබහක නිරත විය.


    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මින් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya