මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

    ජූනි 28, 2017

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

    ටියුනීසියාව, ස්පාඤ්ඤය සහ ජෝජියාව සඳහා නව තානාපතිවරුන් ද සීෂෙල්ස් රාජ්‍ය සදහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්වී සිටී.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01. Mr. Nejmeddine Lakhal    - Ambassador -  designate of the Republic of Tunisia

    02. Mr. Jose Ramon Baranano Fernandez -  Ambassador - designate of Spain

    03. Mr. Archil Dzuliashvil  -    Ambassador -  designate of Georgia

    04.Mr. Conrad Mederic  - High Commissioner - designate of the Republic of Seychelles

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya