අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්ඩුවයි- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූනි 23, 2017

    රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්ඩුව බවත් එය ශිෂ්‍යයන්ට තීරණය කළ නොහැකි බව සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    අද (23) පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසී ය


    සභාව කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.විශ්වවිද්‍යාල සිසු ගැටළුව සහ වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් වූ යෝජනාවක් විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

    සභනායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

    සයිටම් නීත්‍යානුකුලභාවය දින හයක් සාකච්ඡා කළා. නීත්‍යාකුකභාවය පිළිගෙන තිබෙනවා. ඊයේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇහුවේ. එයට බලපෑම් කරන්න මේ කරන්නේ වෛද්‍යවරු .ඒ අයගේ ක්‍රියාමාර්ග පාරාවළල්ලක් වෙනවට කිසිම සැකයක් නෑ. කරුණු දක්වන්න පොලු අරන් යනවද? ගේට්ටු කඩාගෙන. සයිටම් ප්‍රශ්නය පටන් ගත්තේ පසුගිය රජයයි.

    මිලියන 600ක් සල්ලි දුන්නා. රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ආණ්ඩුවයි. එය ශිෂ්‍යයන්ට තීරණය කරන්න බෑ. සයිටම් ගැසට් එක ඉදිරිපත් කළේ මෙතුමයි. රජයේ  වෛද්‍ය නිලධාරී සංගමය වෘත්තීය සමිතියක්. වැඩ වර්ජනය අසාර්ථකයි. මේ වැඩවර්ජනයට ජනතාව උත්තර දෙයි. මෙය ලංකාවේ දියත් වෙනවා.අපි සයිටම් රෝහල පවරාගෙන ඩෙංගු රෝහලක් බවට පත් කරනවා .

    වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමට වෛද්‍යවරුන්ට කන්දෙමින් සාධාරණ සාකච්ඡාවකට යොමු වී ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න යැයි මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

    පෞද්ගලික ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවිද්‍යාලවට අප විරුද්ධ නැති බවත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මතිමතාන්තර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya