මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා විවාදයට අගමැති එක්වෙයි - ''එදා විවෘත ආර්ථිකය හදනකොට කිව්වෙත් රට විකුණන්න හදනවා කියලයි''

    ජූනි 23, 2017

    හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එස්, අධිකාරි, චන්ද්‍රා රනතුංග, මෛත්‍රිපාල හේරත් සහ ආරියරත්න ජයතිලක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ ශෝක යෝජනා විවාදයට අඳහස් දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

    ''එදා විවෘත ආර්ථිකය හදනකොට කිව්වෙත් රට විකුණන්න හදනවා කියලයි. අදත් එය  කියනවා'' යැයි විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

     

    අධිකාරි මැතිතුමා නොහිටියා නම් කලාවැව දියුණුව ලැබෙන්නේ නෑ...

    හිටපු අමාත්‍යවරයකු වූ  අධිකාරි මැතිතුමා විශාල සේවයක් කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයෙක්. මම එතුමා දැනගත්තේ කලාවැව අතුරු මැතිවරණයේ දීයි.1993 යනකොට කලාවැව ඉතා දියුණු තත්ත්වයට පත් වී තිබුණා. මේ ප්‍රදේශයේ වාරිමාර්ග, විදුලිබලය ලබාදෙන්න ක්‍රියා කළා.ගම් උදා කීපයක් ආරම්භ කළා. විශාල උනන්දුවක් ගත්තා ගමට වැඩකරන්න. අධිකාරි මැතිතුමා නොහිටියා නම් කලාවැව දියුණුව ලැබෙන්නේ නෑ.එතුමා පාර්ලිමේන්තුවෙත් හොඳ කථිකයෙක්. සෑම විටම පාර්ලිමේන්තුවේ සිටියා.අනුරාධපුර නගරයේ  සංචාරක පුරවරයක් කළා.

     

    ආරියරත්න ජයතිලක මහතා දිවුලපිටිය ආසනය දියුණු කරන්න කටයුතු කළා....

    1977 ගම්පහෙන් තෙරුණා, හිටපු අමාත්‍ය ආරියරත්න ජයතිලක මහතා.එතුමා දිවුලපිටිය ආසනය දියුණු කරන්න කටයුතු කළා.විදුලිබලය ලබාදුන්නේ ආරියරත්න ජයතිලක ඇමැතිතුමායි.මේ කාලයේ තමයි කටුනායක දියුණුව ආවේ. ගම්පහ ජා ඇල වත්තල දියුණු වෙන්න පටන් ගත්තේ. සංවර්ධනයට කටයුතු කළා.කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.එතුමා දිවුලපිටියේ සිටියේ,ආසනය අත හැරියේ නැහැ.එතුමා ගුරුවරයකු හා නීතිඥයකු ලෙස කටයුතු කළා.

     

    චන්ද්‍රා රණතුංග ඇමතිතුමා මාවනැල්ලට විශාල සංවර්ධනය කළා....

    චන්ද්‍රා රණතුංග ඇමතිතුමා ජාතික නීතිඥ සංගමයේ නිලධාරියෙක්. එතුමා මාවනැල්ල සංවිධායක වුණා. මාවනැල්ලට විශාල සංවර්ධනය කළා. එතුමා නිවාස වැඩකටයුතුවලට ක්‍රියා කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ දියුණුවට ක්‍රියා කළා.මේ රටේ විශාල විප්ලවයක් ඇති කරන්න පටන් ගත්තා.එදා විවෘත ආර්ථිකය හදනකොට කිව්වෙත් රට විකුණන්න හදනවා කියලයි. අදත් කියනවා. ඒක නවත්වන්න බෑ.මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න පළමු පියවර ගත්තා.

     

    මෛත්‍රිපාල හේරත් මැතිතුමා ගම් මට්ටමෙන් විශාල වැඩක් කළා...


    මෛත්‍රිපාල හේරත් මැතිතුමා,දැදිගම ආසනය ජයගත්තා. 1977 රැල්ලට පොල්ගහවෙලට පැමිණියා. එවකට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලෙස සිටිය.ගම් මට්ටමෙන් විශාල වැඩකටයුතු රාශියක් කළා යැයි ද අග්‍රාමාත්‍ය ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya