මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා හතරක් විවාදයට

    ජූනි 23, 2017

    හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්.එස්, අධිකාරි, චන්ද්‍රා රනතුංග, මෛත්‍රිපාල හේරත් සහ ආරියරත්න ජයතිලක යන මහත්වරුන්ගේ අභාවයන් පිළිබඳ ශෝක යෝජනා අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ එ.එම්.එස්. අධිකාරි මහතා පිළිබඳ ශෝකය ප්‍රකාශය කරන විවාදය පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    හිටපු අමාත්‍ය ඒ.එස්.එම්.අධිකාරි මහතා, ජනතාවට විශාල සේවයක් ඉටු කළ අතර, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සේවය කළේ ය. රැකියා දහස් ගණනක් ලබාදීම, තම ප්‍රදේශයේ පාසල් උසස් තත්ත්වයට පත් කළා. කලාවැව ආසනයේ ඇඟළුම් කර්මාන්තශාලා ඇති  කිරීම, යන සත්ක්‍රියාවන් සිදු කළා.කලාවැව ආසනයේ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. අනුරාපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අගනා මෙහෙයක් ඉටු කළා යැයි ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසී ය.

    එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකු වූ ඒ.එම්,එස්. අධිකාරි මහතා තැපැල් හා විදුලි සංදේශ,සංචාරක යන අමාත්‍යධූර හොබවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya