2017 ජාතික නිවාස දිනය සමරමින් හම්බන්තොට "සදපහනගම" සැමට සෙවණ උදාගම්මානය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (23) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි. දිවංගත හිටපු ජනාධිපති, උදාගම්මාන ව්‍යාපාරයේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 93 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය. හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.