අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවාදයට කැමති වුණා- යෝජනා කළ මන්ත්‍රීවරයා සිටියේ නෑ - ඒ ගැන ලජ්ජා විය යුතුයි

    ජූනි 22, 2017

    ඒකාබද්ධ විපක්ෂය විසින් අද (22) පාර්ලිමේන්තුවේ ගෙන ඒමට යෝජනා කර තිබූ සභාව කල්තැබීමේ විවාදය පවැත්වීමට ආණ්ඩු පක්ෂය කැමැත්ත ප්‍රකාශ කළ බවත් යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නොසිටි බැවින් සභාව කල්තැබූ බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා පැවසී ය.

    සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ දී පොලීසිය විසින් පහරදුන්නේ යැයි කියන සිද්ධියත් ඒ හේතුවෙන් වෛද්‍යවරුන් විසින් ගෙන යන වර්ජනයත් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදය කරනු පිණිස හදිසි සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවක් මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් ගෙන ආවේ ය.

    ඒ සඳහා සිය කැමැත්ත සභානායකවරයා විසින් පළ කළ අතර ප.ව. 4.30 විවාදය ගැනීමට නියමිතව තිබුණි.

    ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පහැදිළි කළ සභානායකවරය, ''ප.ව. 4.30 විවාදය පැවැත්වීමට යෝජනා වුණේ. අපිත් කැමැති වුණා විවාදයට.අගමතිතුමා කිව්වා අපේ මතය කියන්න හොඳ අවස්ථාවක් කියල.අපේ මතයත් කියන්න තිබුණා.''

    ''එහෙත් ප.ව. හතර වනවිට දිනට නියමිත ප්‍රධාන විවාදයේ කථික ලයිස්තුව අවසන් වුණා.ඒ අනුව මුලාශනයේ සිටින සභපතිවරයාට ඊළඟට තිබෙන දෙය කරන්නට සිදු වෙනවා. ඒ අනුව සභාව කල්තබා, සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළා.එහෙත් මන්ත්‍රීවරයා සිටියේ නැහැ. ඉතින් සභාව කල්තැබීමට සිදු වුණා.''

    ''විවාදයකට යෝජනා කළ කෙනා සභාවේ සිටිය යුතුයි. නම යෝජනා කරන විට සභාවේ නොසිටීම ගැන ලැජ්ජා විය යුතුයි.පාර්ලිමේන්තුවට ගරු කරනවානම් රැදී සිටීමට තිබුණා ''යැයි ද සභානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya