මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නඟන්නේ නැහැ - ජනපති

    ජූනි 23, 2017
    රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත‍්‍රණ පිළිබඳ ව තමා කිසිඳු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනඟන බව ද කියා සිටියේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ පොලොන්නරුව, ලංකාපුර මහා විද්‍යාලයේ පැවති උත්සවයකදීය.
     
    වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූ දහසක් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත්, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ විසි පන්දහසක පමණ සුළු පිරිසක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
     
    ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල් ඵල ගැන්වීම වෙනුවෙන් රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප‍්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා රටේ කිසිඳු දරුවෙකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බව ද පැවසීය.
     
    එමෙන්ම වාර්ෂිකව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ දොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප‍්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප‍්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර මාළඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමග පැවති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බව ද කියා සිටියේය.
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    පුලස්තිගම, විජිත ප‍්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු පිළිබඳව ද සොයා බැලීය.
     
    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ද විදුහල්පති සරත් හේමකුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya