අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී මත්වතුර මඟින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ අවධනයක් යොමු කළ යුතුයි

    ජූනි 22, 2017

    බදු අඩු කිරීම මත්වතුර ප්‍රචලිත කිරීමේ අරමුණක් නොවන බවත් සෞඛ්‍ය,සමාජ ,පවුල් සංස්ථාව පැත්තෙන් නීතිවිරෝධී මත්වතුර මඟින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ විශේෂ අවධනයක් යොමු කළ යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය පිළිබඳ විවාදයේ අඳහස් දක්වමිනි.

    මෙම රෙගුලාසි නිසා හිතයි, මත්වතුර නිෂ්පාදනය වැඩි කිරීමට ද මෙය හඳුන්වා දී ඇති කියලා. එයට අනුබලදීමට නොවේ බදු අඩු කරන්නේ. ඒකාධිකාරය තුළින් විශාල අහිතකර තත්ත්වය ඇතිවෙනවා. ඒ නිසා සුළු නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි,මේ රෙගුලාසිය මඟින් මිලියන 100 මිලියන 01 දක්වා අඩු කිරීම සිදු කරනු ලැබුවා.

    සුරාබදු දෙපාර්තමේන්තුව මිලියන 120 දක්වා ආදායම වැඩි වී තිබෙනවා. මිලියන 49ක් වූ නිෂ්පාදනය මිලියන 55 දක්වා වැඩි වී තිබෙන්නේ.  විදේශ ආනයනය කරන මත්වතුරවලට ප්‍රථමවරට මිලියන 707 ආදයමක් ලබාගන්න හැකි වුණා. මේ සඳහා පාලනයක් ඇතිකරන්න හැකි වී තිබෙනවා.

    සෞඛ්‍ය පැත්තෙන් දැවැන්ත අභියෝගයක් තිබෙනවා. නීතිවිරෝධි  මත්වතුර  සාපේක්ෂව සෞඛ්‍යයට විශාල හානියක් සිදු කරනවා . ප්‍රමිතියෙන් තොරව මත්වතුර නිෂ්පාදනය කරනවා.    විශාල සමාජ ප්‍රශ්න ගණනවකට මුහුණ පා තිබෙනවා. සෞඛ්‍ය සමාජ ,පවුල් සංස්ථාව පත්තෙන්  නීතිවිරෝධී මත්වතුර මඟින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ විශේෂ අවධනයක් යොමු කළ යුතුයි. පැති කීපයකින් මෙය බැලිය යුතුයි.සංචාරක කර්මාන්තය වැඩි වෙමින් තිබෙනවා. මේ කටයුතු පිළිබඳවත්  බාධාවන් ඇති නොවන ලෙස කටයුතු කිරීමයි වැදගත් වන්නේ.බදු අඩු කිරීම තුළින් මත්වතුර  ප්‍රචලිත කිරීම නොවෙයි අරමුණ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya