අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතුයි

    ජූනි 22, 2017

    රටට විදේශ විනිමය ගෙනඑමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතු බව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (22) පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසී ය.

    සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරය මෙසේ ද පැවසී ය.

    මත්පැන් බලපත්‍ර ගාස්තු අඩු කිරීමෙන් රජයේ ආදායමට කිසිදු බලපෑමක් නැහැ. අද මේ රටේ නීතිවිරෝධී මත් වතුර භාවිතය විශාල ප්‍රශ්නයක්. සියයට 61%ක් පමණ අද භාවිත කරන්නේ නීති විරෝධී මත් වතුර. නීතිවිරෝධි මත්වතුර වෙළඳාම වැඩිවන බව පැහැදිළියි. නීතිවිරෝධි මත්වතුර නිෂ්පාදනය අවම කිරීමට මත්පැන්බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නවීකරණය කරන්න හා සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

    විවිධ උත්සව හේතුකරගෙන මත්වතුර විකිණීම තහනම් කිරීම නිසා නීතිවිරෝධී මත්වතුර භාවිතය වැඩි වෙනවා. බෞද්ධාගමට ගරු කිරීමක් ලෙස පොහොය දිනට මත්පැන් විකිණීමේ තහනම තිබුණට ප්‍රශ්නයක් නෑ. සංචාරක පරාදීසයක් හැටියට, විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය දියුණු කරන්න යල්පැන නීති රීති ගැන යළි සිතා බැලිය යුතුයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya