මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට ගතහැකි සියලු පියවර ගෙන තිබෙනවා

    ජූනි 22, 2017

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් බරපතල පරිසර දූෂණය අවම කිරීමට ගතහැකි සියලු පියවර ගෙන ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ගල් අඟුරු බලාගාරයෙන් සිදුවන අහිතකර වායු විමෝචනය වැළැක්වීමට විද්‍යාත්මකව ගත හැකි පියවර කීපයක්ම ගෙන ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    බලාගාරයේ අංගනය වටා සුළං ආවරනයක් යෙදීමට කටයුතු කරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා,පිටවන අළු කළමනාකරණයට පියවර කීපයක් ගෙන ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    ගල් අඟුරු බලාගරවල අනාගතය පිළිබඳ ලොව විවාද තිබෙනවා. විදුලිය මිල දී ගැනීමේ මූලාශ්‍ර ලබා ගැනීම දේශපාලන කාරණයක් නොවන බවත් විසි අවුරුදු ජනන සැලැස්මක් තිබෙන බවත් ඒ ජනන සැලැස්මට මහජන අඳහස් ලබාගනිමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya