අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පුලතිසි සූර්ය මණ්ඩප" රංග ශාලාව සහ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට

    ජූනි 22, 2017
     
    ගිරිතලේවැව මහා විද්‍යාලයේ "පුලතිසි සූර්ය මණ්ඩප" රංග ශාලාව සහ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
     
    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ කළුවර පැළයක් රෝපණය කිරීම ද සිදු විය.
     
    විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම  ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ආදි ශිෂ්‍යයින්  ද ඇගයීමට ලක් වූ අතර උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එච්.එම්.සී. බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළුථ පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya