අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්තනකඩවල විද්‍යාලයේ නව ගොඩනැගිලි සිසු අයිතියට

    ජූනි 22, 2017
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සඳහා එක් වූ ජනාධිපතිතුමා ඊයේ (21) පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ද එක්විය.
     
    අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.
     
    සමරු ඵලකය නිරාවරණය කර නව සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය සහ ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ජනාධිපතිතුමා තිළිණ ද ප්‍රදානය කළේය.
     
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya