අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදී කෝණයෙන් බලන්න එපා - අමාත්‍ය ඩිලාන් පෙරේරා

    ජූනි 21, 2017

    අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය දෙස ජාතිවාදී කෝණයෙන් බලන්න එපා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) (සංශෝධන )  පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    තමන්ගේ දරුවාට කුමක්ද වුණේ කියලා දැනගන්න අයිතියක් තිබෙනවා. මේ ප්‍රශ්නය දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා. උතුරේ අම්මලා පින්තුර අරන් යනකොට මට හිතුණේ, දකුණේ අපි පින්තූර අරන් ගිය විදියයි.

    අනාගතයේ අතුරුදහන් කිරීම් ගැන බයවෙයි.මේ කොමිෂමට විරුද්ධ වෙන්න පුලුවන් වෙන්නේ මව් කෙනෙකුගෙන් කිරි නොබීපු කෙනෙකුට විතරයි.මේ සම්මත කරන පනත හරහා ලෝකයට පණිවුඩයක් දෙනවා,  අප මනුෂ්‍යකමට සළකන ජාතියක් කියලා. දරුවා ඉන්නවද?  නැද්ද?  කියලා දැනගැනීමට තියෙන අයිතියට සභාවේ සැවොම අත් දෙක එසවිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya