අද (20) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාකරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය රජයේ වැරදි තීරණ නිසා 60,000ක පම්ණ ගුරු හිඟයක් ඇතිව තිබුණා.ගුරු අතිරික්තිය 40,000ක් පමණ වුණා.මේ තත්ත්වය නිවැරැදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.පුරප්පඩුව පවතින ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.එක් පාසලක වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන් මාරු කිරීමට ප්රතිපත්තියමය තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.