අමාත්‍යවරයා මේ පැහැදිළි කිරීම සිදු කළේ, ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.
ගංවතුර ව්‍යසනයේදි සියලුදෙනා එක්ව වැඩ කළා. මේ ජල ගැල්මත් එක්ක කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා පිටාර ගැලීමත් සමඟ වූ අලාභහානි ඉදිරියේදි වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුයි.
ගංගා නිම්නයන් ආරක්ෂා කර ගැනීම කළ යුතුයි. ගංගා නිම්නයන් ආරක්ෂා කර ගැනීමට පමණක් තිබෙන අධිකාරියක් පිහිටුවිය යුතුයි. මේ යෝජනාව මං අමාත්‍ය මණ්ඩලයටත් ගෙන ගියා.
නමුත් ඇමැතිවරුන් ඒ සඳහා විරෝධතාවන් දැක්වූවා. කඩවත බියගම ප්‍රදේශවල ජලය දුර්වර්ණ වීම ගැන පැහැදිළි කළ යුතුයි.කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා, ඇලවල් වල ජලය උඩු අතට ගැලීමක් සිදු වුණා.ඒ අනුව පට්ටිවල ප්‍රදේශයේ නග්ගහවත්ත ඇල දිගේ ද මෙලෙස ජලය ගමන් කළ අතර කැළණි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමඟ ඉහළට ගිය ජලය තෙල් හා අපද්‍රව්‍ය සෝදාගෙන ගග දෙසට පැමිණීම හේතුවෙන් එම සීමාවේ කැළණි ගඟේ ජලය දුර්වණ වී දුර්ගන්ධයක් ඇතිව තිබෙනවා. මෙය ඇති වූ වහාම නිලධාරීන් විසින් අපඩ්ජ්‍රව්‍ය කැළණි ගඟට මිශ්‍රවීම නවතා තිබෙනවා. එම ජලය නැවත කැළණි ගඟට එකතුවීම වැලැක්වීමට වැලි කොට්ට දමා තිබෙනවා.
ජල පිරිපහදුවේ සෑම පියවරක්ම පරීක්ෂණයට භාජනය කරලා, ජලය පරිභෝජනයට යෝග්‍ය නම් පමණක් ජලය නිකුත් කරනු ලබන බවට සහතික වන බවද අමාත්‍යවරයා පැවසී ය. පානීය ජලය එක් රැස් කෙරෙන ජලාශ සකස් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ගිං ගඟ , මහවැලි ගඟ ආශ්‍රිතව ජලාශ ඇති කිරීම කළ හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.