නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යසනය වූ අවස්ථාවේ සිටම රාජ්‍ය යාන්ත්‍රණයත්, ස්වේච්ඡා යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළා

    ජූනි 09, 2017

    ජාතික විපතකදී පටු විදියට අර්ථකථනය නොකළ යුතු බවත් ආපදා සංවේදි වන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය, ජීවන රටාව හැඩ ගැස්විය යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමිනි

    ගංවතුර හේතුවෙන් විපතට පත් වූ සියලුදෙනා වෙත අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා දින දෙකකට පසුව තමයි රජය සහන ලබාදීමට පැමිණියේ කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. මේ ව්‍යසනය වූ අවස්ථාවේ සිටම රාජ්‍ය යාන්ත්‍රණයත්, ස්වේච්ඡා යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළා.

    ආපදා කළමනාකරණයක් අවශ්‍ය බව අපට සුනාමියෙන් පසුව වැටහුණා. ජාතික විපතකදී පටු විදියට අර්ථකථනය නොකළ යුතුයි. රටේ සෑම දෙපාර්තමේන්තුවකම දුර්වලතා තිබෙනවා. එම දුර්වලතා අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. ස්වාභාවික ආපාදා කුමන හෝ මොහොතක සිදු වෙනවා. ආපදා සංවේදි වන විදියට රාජ්‍ය ප්‍රතිපත්තිය, ජීවන රටාව හැඩ ගැස්විය යුතුයි.

    ආපදාවෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතුයි. තදබල නීතියක් අනුව මෙවැනි අවස්ථාවන්වලදී කටයුතු කළ යුතුයි. ඉඩම් ලබාදුන්නත් ඒවාට නොයන පිරිස් සිටිනවා. ආපදාවට ලක්වන ඉඩමත් තියාගෙන අනෙක් ඉඩමත් තියාගෙන මිනිසුන් සිටිනවායැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya