අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රටේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව පැවැති විවාදයේ අඳහස් දක්වමිනි.
රත්නපුර, කළුතර ගාල්ල මාතර ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වුණා.මේ ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වුණේ රත්නපුරයයි.55068ක් පවුල් ආපදාවට ලක් වුණා.
මේ වනවිට කඳවුරුවලින් ජනතාව තමන්ගේ නිවාසවලට යනවා. ගෙවල්වල මූලික දේවල් සපයාගන්න බැරි වී තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශාල සේවයක් කළා.බෝට්ටු සැපයීම, පූර්ව අවශ්‍යතාවන්ට තිබිය යුතුයි. ගංවතුර වැළැක්වීමේ වැඩපිළිවෙලකට යා යුතුයි.තීන්දු කරගත යුතුයි, ගංවතුර කාලයට පමණක් කතා නොකර ඒ සඳහා කටයුතු කිරීමට පියවර ගත යුතුයි.
නාය යෑම් අපිට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්නයක්. නාය යා හැකි ස්ථාන 210ක හඳුනාගෙන තිබෙනවා.ජනතාවගේ සුරක්ෂිත වැඩපිළිවෙලකට අපි යා යුතුයි.ජනතාවගේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජීවත්වීමේ ස්ථාවරත්වයක් තිබිය යුතුයි. ඒ නිසා පැහැදිළි ප්‍රතිපත්තියකට යා යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.