නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණයකට සී අයි.ඩී වෙත බාරදුන්නා - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජූනි 09, 2017

    ආපදාවට පත් වූ ජනතාවට තමන්ගේ නම යොදා කෙසෙල් බෙදූ බවට මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින විවාදයේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    තමන්ගේ නම යොදා එවැනි බෙදා දීමක් සිදුව නැතැයි ද එවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන බවද අමාත්‍යවරයා කීය.  මෙය සිදු කළ පුද්ගලයා සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට සී .අයි.ඩී  වෙත පරීක්ෂණයක් පැවැත්වීමට බාර දුන් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya