නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපරිම රක්ෂණ ආවරණ මුදල රජය ලබාදෙනවා - ආණ්ඩුවේ ආපදා කළමනකරණය අසාර්ථකයි කීම පිළිගන්න බෑ- ආපදා කළමනාකරණ අමාත්‍ය

    ජූනි 09, 2017

    ආණ්ඩුවේ ආපදා කළමනකරණය අසාර්ථකයි කීම පිළිගන්න බෑ.ගංවතුර දී රක්ෂණභාර අරමුදලෙන් ගෙවිය යුතු සියලු මුදල් ලබාදීමට පියවර ගන්නවා. සහන පමණක් නොව කලින් කළ යුතු ආපදා කළමනාකරණ වැඩපිළිවෙලකට යා යුතුයි ''යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, රටේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව පැවැති විවාදයේ අඳහස් දක්වමිනි.

    සුනාමියෙන් පසු අපේ රටේ ආපදා කළමනාකරණ පනතක් සම්මත කර තිබෙනවා.  ආපදා වැඩපිළිවෙළෙ දී ජාත්‍යන්තර ඒජන්සි, ජනාධිපතිතුමා අගමැතිතුමා සමඟ වැඩ කරනවා. අපේ රටේ ප්‍රධාන ව්‍යවසන වන්නේ ජලය නිසයි. අපි සම්බන්ධ වෙනවා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ. ලංකාවේ කාලගුණය ගැන කතා කිරීමේ දී ජාත්‍යන්තර ආයතන පමණක් මත යැපෙන්න බෑ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව, ගංවතුර තත්ත්වය වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වනවා. ඒ තොරතුරු අනුව ආපදා කළමනාකරණ අංශය හරහා අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ. අවශ්‍ය කරන සියලු අනතුරු ඇගවීම් කර තිබෙනවා. දිගින් දිගට 24 දින සිට මාධ්‍ය ආයතන වෙත ලබාදී තිබෙනවා. දනුම් දීම් කර තිබෙනවා.

     

    යුද හමුදාවට රුපියල් මිලියන සීයක් දුන්න පුහුණුවට. මේ තොරතුරු දී තිබෙනවා. මේ නිසා සමහර අයගේ ජීවිත බේරි තිබෙනවා. ගණන් නොගත් අයගේ ජීවිත අහිමි වී තිබෙනවා. හමුදාව 8500ක් භටයන් යොදවා තිබෙනවා. කෑම වෙල් එක් ලක්ෂයකට වැඩිය දී ලා තිබෙනවා. ආණ්ඩුවේ ආපදා කළමනකරණය අසාර්ථකයි කීම පිළිගන්න බෑ. ගුවන් හමුදාව ගුවන් පැය 211ක් ගමන් කර තිබෙනවා. යම්කිසි ආපදාවක් වන විට සූදානම් වී, සියල්ලම සම්බන්ධ වෙනවා.


    අපි ආපදා මධ්‍යස්ථාන හදලා නෑ. ගම්පහ,බදුල්ල, කෑගල්ල ආපදා මධ්‍යස්ථාන හදනවා. අපි ඒවා පුළුල් කරනවා. මේ වනවිට පන්සල්,ප්‍රජා ශාලා භාවිතා කරන්නේ. දිසාපතිවරුන්ට අදාළ උපදෙස් ලබාදී තිබෙනවා.

    මේවනවිට රුපියල් මිලියන 622ක් වියදම් කර තිබෙනවා. තවත් ආහාර සළාක ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ගෙවල් කුලී දීමනාවක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. පදිංචි කිරීමට සැළසුමක් අවශ්‍යයි.  නිවාසවල පදිංචි කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව කටයුතු කෙරෙනවා. ආපදා  සැලසුම් අනුවයි නිවාස හැදෙන්නේ. රුපියල් මිලියන 1.2ක් නිවාස හදන්න ලබාදීමට කටයුතු කර තිබෙනවා.2016 තමයි සියලු පුදගලයන් හා නිවාස රක්ෂණය කර තිබෙන්නේ. පූර්ණ හානියකට රුපියල් 25 ලක්ෂයක් දෙනවා. මේ මුදල රජය විසින් ගෙවනවා.ගංවතුර දී රක්ෂණභාර අරමුදලෙන් ගෙවිය යුතු සියලු මුදල්  ලබාදීමට පියවර ගන්නවා.

    කෑගල්ල ප්‍රදේශයේ නාය යෑම් ආපදා වෙනුවෙන්  රුපියල් මිලියන 1395ක මුදලක් වෙන් කර තිබෙනවා. මේ වනවිට රුපියල් 240.2ක් වියළි කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැළසීමට යොදවා තිබෙනවා.හැම ආපදාවකදීම හැකි උපරිම මුදල රක්ෂණ ආවරණ රජය විසින් ලබා දී තිබෙනවා.


    ආපදාවලින් සිදුවන මරණ අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තුවෙනවා.අපිට වුවමනා මනුෂ්‍ය ජීවිත බේරාගන්නයි. කදු මුදුන් වල තේ වග කරලා ඉවරයි.වැස්ස කඳුවලට දරන්න අමාරුයි.නිල්වලා ගඟ දෙපස කුඩා වෙලා,මිනිස්සු පදිංචි වෙලා. දැනට සිතියම් ගත කර තිබෙනවා. ලංකාවේ නාය යන සිතියම සකස් කර තිබෙනවා. ආපදාවන් කළමනාකරණය කරන්න අවශ්‍යයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණය දියුණු කළ යුතුයි. විවිධ තැන්වලට අපි භාණ්ඩ ලබාදී තිබෙනවා.

    ස්වයංක්‍රීය වැසි මානක වැඩි කර තිබෙනවා.වැසි මානක දෙසීයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙනවා. සහන පමණක් නොව කලින් කළ යුතු ආපදා කළමනාකරණ වැඩපිළිවෙලකට යා යුතුයි.ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙකක් ජපානයෙන් ලබාදීමට නියමිතයි. ජපන් රජය පොරොන්දු වුණා,නොමිලේ යන්ත්‍ර දෙකක් ලබාදෙන්න. අක්‍රීය ඩොප්ලර් රේඩාරය ගැන බලනවා. එය ඇමෙරිකාවට යවා තිබෙනවා.ගංවතුර ආපදාවෙන් හානියට පත් සියලු දෙනාගේම නිවාස,පාලම්,බෝකු හදන්න රජය කැපවී සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya