ඒ හා සමගාමීව සංවිධානයකර තිබෙන ධාතු ප්‍රදර්ශනය ද මහජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
නෙල්ලිගල රාජ මහා විහාරස්ථානයේ සිට මෙම සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවා තිඛෙන අතර පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූ ජනතාවට පිං පමුණුවමින් සහ පීඩාවට පත් සියලු දෙනාට සෙත් පතමින් මෙම සර්වඥ ධාතුන්වහන්සේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
චතුරිකා සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පුලතිසිපුර ඒකාලෝක කරමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය වැඩසටහන තොරන්, පහන් කූඩු සහ දන්සැල් වලින් සමන්විත වන අතර හෙට (10) දින දක්වා එය ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.