අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
යම් නිලධාරියෙකු වගකීම් පැහැර හරිමින් දිගින් දිගටම කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙසත් රජයක් ලෙසත් අප ක්‍රියා මාර්ග ගත යුතුයි.ජනතාව අපට පරමාධිපත්‍ය බලය ලබා දී තිබෙන්නේ නිලධාරී යාන්ත්‍රණය තුළ සිදුවන රටට අහිතකර හා අකාර්යක්ෂම තත්ත්වය මඟ හරිමින් අවශ්‍ය කටයුතු කිරීම සඳහායි.
හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ මාගේ පෞද්ගලික ගැටළුවක් නෑ.චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවකාශය සළසා දී තිබෙනවා.ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය හුදෙක් අමාත්‍යවරයා ලෙස ගත් මාගේ තනි තීරණයක් නොවේ.එය කැබිනට් මණ්ඩලය සාමූහිකව එළඹි තීරණයක්.
එමෙන් ම පුවත් පත් කීපයක් මේ පිළිබඳ ඒකපාර්ශවීය මාධ්‍ය වාර්තාකරණයක යෙදෙමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් පාඨක ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වූ බව අවධාරණය කළ යුතුයි.
විෂයභාර අමාත්‍යවරයා ලෙස මා කිසි විටෙකත් කිසිදු ව්‍යාපාරිකයකුට හෝටල් ඉදිකිරීම සඳහා කිසිදු පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉඩමක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර නැති බව අවධාරණය කරනවා.
ඇතැම් අකාර්යක්ෂම හා දූෂිත නිලධාරීන්ට එරෙහිව අප ක්‍රියාත්මක වන විට එය තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතාවන් සහ තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට ඇතැම් නිලධාරීන් සහ පිරිස් දරන බාල උත්සහාය මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.