අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ක්‍රීඩා පනත යටතේ නියෝගය විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
සෑම දිස්ත්‍රික්කයක ක්‍රිඩා සංකීර්ණයක් සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.
ක්‍රීඩා පාසල් දියුණු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ජූලි මාසය තුල සංගම් නිලවරණ පැවැත්වීමට කටයුතු කරනවා. දියගම ක්‍රීඩාංගනය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක් ලැබී තිබෙනවා.
අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාගන්නවා. විවිධ පදක්කම් ලබාගත් දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුයි කියා අඳහසක් තිබෙනවා. ඒ පිළිබඳව පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී ක්‍රීඩා උපාධිධාරීන් සියයක් බඳවා ගැනීමට කටයුතු කරනවා.අමාත්‍යාංශය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. සුසන්තිකා ජයසිංහ මහත්මියට අකටයුත්තක් කර නෑ. වැරදි අවබෝධයක් තිබෙන්නේ. ප්‍රශ්නය විසඳාගන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.