නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ දෙන්නේ නෑ - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    ජූනි 07, 2017

    රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ නොතබන බවත් විවිධ පුද්ගලයන් තමන්ට අභිමත පරිදි ලෝක උරුමයන් සමඟ අන්තනෝමතික ලෙස සෙල්ලම් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති බව අද වන විට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේ ,අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.

     

    සියලු ජාතීන්ගේ අනන්‍යතාවය ගරු කරන සංහිදියාව, සහජීවනය පිළිගන්නා සිංහල බෞද්ධයකු ලෙසත් කිසි විටෙක මා මේ රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ නොතබන බව මේ සභාවට මතක් කර දිය යුතුයි.

    ගෙවී ගිය දශක තුන තුළ පැවැති යුද්ධය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පුරා විද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ දී ගැටළු මතු වූ බව අප පිළිගත යුතුයි. යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇති මේ මොහොතේ උතුරු හා නැඟෙනහිර පළාත්වල පුරා විද්‍යා භූමි සුරක්ෂිත කිරීමේ කටයුතු මන්දගාමී වීම තුළ ගැටළු රැසක් ඇති වී තිබෙනවා. මෙය බරපතල ප්‍රශ්නයක්.

     

    ඇතැම්විට ත්‍රස්තවාදීන් විනාශ නොකළ ඇතැම් පුරාවිද්‍යා භූමි, දාගැබ් පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ ප්‍රදේශ පසුගිය වසර කීපය තුළ නිධන් හොරුන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ බලපෑමෙන් විනාශ වී ගිය බව රහසක් නොවේ.


    පසුගිය පාලන සමය තුළ උතුර හා නැඟෙනහිර ඇතුළු  පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ ප්‍රදේශ නිසි අයුරින් හඳුනාගැනීමට හෝ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලියක් විධිමත් ලෙස සිදු වුණේ නෑ.

    එමෙන් ම විවිධ පුද්ගලයන් තමන්ට අභිමත පරිදි ලෝක උරුමයන් සමඟ අන්තනෝමතික ලෙස සෙල්ලම් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති බව අපට අදවන විට ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා. සිංහල,දෙමළ,මුස්ලිම් සංහිදියාවට අභියෝග කරමින් ඇතම් පිරිස් පුරාවිද්‍යා භූමි තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම,පුරා වස්තු විනාශ කර දැමීම ආදී සිදුවීම් රැසක් මේ වනවිට වාර්තා වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya