අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    මැයි 26, 2017

    ඩෙංගු මර්දනය සඳහා උසස් තාක්ෂණය යොදාගෙන තිබෙන බවත්  සියලු අමාත්‍යාංශවල සහායෙන් ඩෙංගු මර්දනයට විධිමත් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ජනාධිපතිතුමාගේ උපදෙස් යටතේ විශේෂ කාර්යසාධක බලකායක් ඩෙංගු මට්දනයට යොදවා තිබේ. ඩෙංගු සායන සේවා සඳහා අයි.ඩී.එච්. රෝහල, මීගමුව රෝහල තුළ වෙනම අංශයක් ද වෛද්‍යවරු පුහුණු කිරීමට සිදු කෙරේ.

    ගෝලීය වශයෙන් ඩෙංගු වර්දනයක් පෙන්නුම් කරන බව කී අමාත්‍යවරයා,මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක්ව තිබෙන බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya