මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවෙයි - අවශ්‍ය පියවර ගන්නැයි උපදෙස් - සභානායක

    මැයි 26, 2017

    අධික වර්ෂාපතනය හේතුවේ ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වයට අවශ්‍ය පියවර ගන්නැයි ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් සියලු අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අධික වර්ෂාපතනය හේතුවෙන් රටේ ප්‍රදේශ කීපයක  ඇතිව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව රජයේ අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව  අමාත්‍යවරයා පැවසී ය.

    වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කීපයක ඇතිව තිබෙන ජල ගැලීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු රැසක් සභාවේ කරුණු දැක්වීම සිදු කළ අතර අවශ්‍ය සහන සේවා කඩිනම් කරන්නැයි ඉල්ලා සිටියේ ය.

    ඒ අනුව රජය මේ වනවිටත් අවශ්‍ය පියවර ගැනීමට පියවර ගෙන තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා ද  මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නැයි උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පක්ෂභේදයෙන් තොරව මේ සම්බන්ධයෙන් කටයුතු කරමු යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya