අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස අළෙවිසැල් සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමට පියවර

    මැයි 26, 2017

    ලක් සතොස පෞද්ගලිකකරණය නොකරන බවත් එළඹෙන දෙසැම්බර් මස වන විට සතොස අළෙවිසැල් සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී විමසූ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    සතොස ගබඩා පෞද්ගලීකරණය කරන බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණ වැරදි බවත් අමාත්‍යවරයා පැවසී ය. සතොස අළෙවිසැල් මේවනවිටත් 77කින් වැඩි කර තිබෙන බව කී අමාත්‍යවරයා, ගබඩා වසා පෞද්ගලික අංශයට ලබාදීමක් සිදු කර නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya