අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා මාලදිවයින් හිටපු ජනපති අතර සුහද හමුවක්

    ජූනි 26, 2014

    දැනට මාලදිවයිනේ රාජ්‍ය චාරිකාවක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (25) මාලේ ජනාධිපති කාර්යාලයේ දී මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම් (Maumoon Abdul Gayoom) මැතිතුමා හමුවිය.


    පැවති මිතුරු හා සුහදශීලී සාකච්ඡාවේ දී පරිණත නායකයෝ දෙපළ අන්‍යෝන්‍යය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.


    දෙරට විසින් එකිනෙකකාට ලබා දෙන සහයෝගය අගය කළ ඔවුහු අඛණ්ඩ ද්විපාර්ශවික සබඳතා පිළිබඳව සිය තෘප්තිය පළ කළහ.


    “අපගේ සමීපතම මිතුරා ශ‍්‍රී ලංකාවයි. දිගුකාලයක් තිස්සේ අපි හොඳ අසල්වැසියන් ලෙස කටයුතු කරනවා. මේ සබඳතාව දිගටම පවතිනු ඇති බව මාගේ බලාපොරොත්තුවයි”, හිටපු ජනාධිපතිතුමා පැවසීය.


    බලවත් ජාතීන්ගේ අයුතු බලපෑම් අඛණ්ඩව නොනැසී පවතින බව නායකයන් දෙපළගේ අදහස විය. “මේ ක‍්‍රියාදාමයේ දී මුදල් ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරනවා”, යයි ඔවුහු නිරීක්‍ෂණය කළහ.

    Former President of Maldives Maumoon Abdul Gayoom


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    HC/NP_PS&IMU_Pixs Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya