අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු,ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.
පිළිගත් සභාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. එය මුලින්ම සිදුවුණේ පසුගිය 2011 වසරේදී. මේ පනත එදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළා. ඉංජිනේරු ක්ෂේත්‍රයට නියාමන අධිකාරියක් අවශ්‍ය බවට මීට පෙර සිට සාකච්ඡා කර තිබෙනවා. ඉංජිනේරුවන් කුවුරුන්ද යන්න නිසිලෙස හඳුනා ගන්න නොහැකි වුණා. ඒ හේතුවෙන් විවිධ ගැටළු මතුව තිබෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉංජිනේරුවෙක් වු මම මේ සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. මේ පනතේ වැඩි ප්‍රයෝජන අපේ දරුවන්ටයි. ඉංජිනේරුමය වශයෙන් ඉතිහාසයක් පැවැති අපේ රටට ඉංජිනේරු සභාවක් ස්ථාපිත කරන්න නොහැකි වුණා.
මිනිසාගේ නිර්මාණශීලීත්වය හේතුවෙන් අනෙකුත් සතුන් හා වෙනස් වෙනවා. අද ලෝකය ඉදිරියට යාම සඳහා ගණිතය සහ භෞතික විද්‍යාවත් පදනම් වෙනවා. එය අද ලොව පිළිගත් නියමයක් වෙනවා. අපිට ඉදිරියට යන්න නම් අපේ දරුවන් අමාරු විෂයන් ලෙස සළකන ගණිතය හා භෞතික විද්‍යාව සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. ලෝකයේ බොහෝ තාක්ෂණයන්ගේ මුල චීනය වුණත් ලංකාවට වාරි කර්මාන්තය, යකඩ සම්බන්ධ කර්මාන්තයට ඉතිහාසයක් තිබෙනවා. කාර්මික විප්ලවය නමින් විශේෂ ක්‍රියාවලියක් ආරම්භ වුණා.
මේ ආයතනය වෘත්තීමය වශයෙන් ආරක්ෂා කර තිබෙනවා. මෙය කිසිඳු ආකාරයක ඒකාධිකාරයක් ඇතිවන්න ඉඩ තබන්නේ නැහැ. අපි එහි සංයුතිය නිසිලෙස සකස් කරන්න පියවර ගන්නවා. අපේ දරුවන්ගේ ලෝකය යහපත් කළයුතු වෙනවා. ඉංජිනේරු තාක්ෂණ ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න මේ පනත ගෙනවිත් තිබෙනවා.