නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.
අපේ රටට වැදගත්වන ආයතනයක්. පුරෝගාමී වූ කීපදෙනෙක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. වරලත් ඉංජිනේරුවරයා සිට කාර්මිකයා දක්වා විවිධ මට්ටම්වල වෘත්තිකයන් හඳුනාගැනීමටත් නියාමනය සහතික කරන නෛතික පසුබිම සහතික වෙනවා.
ඉංජිනේරු වෘත්තිකයාගේ මැදිහත්වීම මඟහැරයන්න බෑ. අද වැඩකරන්න ගත්තත් ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ හිඟය තිබෙනවා. වැඩ ප්‍රමාදය වන්නෙත් වෘත්තිකයන් නිසිපරිදි නොමැති නිසයි. විධිමත් නියාමනයක් සිදුකිරීම ජාතික අවශ්‍යතාවක්.
ඉංජිනේරු ක්ෂේත්‍රයේ එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙනවා කියලා සහතික වෙන්න අමාරුයි. අද ඉංජිනේරු අධ්‍යාපනය ඉහළ තලයකට රැගෙන ඒමට අවශ්‍යය වී තිබෙනවා. මේ සභාව හරහා ඉංජිනේරු වෘත්තිකයා බලවත් වෙනවා. දැනුමෙන්, ධනයෙන් බලවත් වෙනවා, වගකීම්වලින් බලවත් වෙනවා. වෘත්තිකයෝ ආචාරධර්ම වලිනුත් බලවත් කරන්න අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය තුළින් වෘත්තිකයෝ බිහිවිය යුතුයි.
සමහරු වෘත්තික මාෆියා හදාගන්නවා. අද එය බලවත් ප්‍රශ්නයක් වෙලා. වෘත්තිකයන් ආචාරධර්ම සුරැකීම අංශයෙනුත් බලවත් විය යුතුයි.ඉංජිනේරුවරයා වගකීමෙන් බඳවා ගැනීමේ ක්‍රමයක් නෑ. ඒ නිසා නියාමනය කළ යුතුයි. මෙය සියවසක් ප්‍රමාද වූ කටයුත්තක්.අපේ සෑම කටයුත්තකදීම ඉංජිනේරු මැදිහත්වීමක් තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.