නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් දඬයම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය මහින්ද අමරවීර

    පෙබරවාරි 23, 2017

    රණවිරුවන්ට දේශපාලන හේතු මත දඬුවම් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. රණවිරුවන් දඬයම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු,ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.

     

    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    ඉංජිනේරු සේවාව වෙනුවෙන් සේ සභාව පිහිටුවනවා. යම් වරදක් සිදුවනවා නම් මේ සභාව දැනුවත් කර සාධාරණයක් ඉටුකර ගන්න පුළුවන්. ඉංජිනේරුවන්ට සමාන වරප්‍රසාද ලබාදෙන්න හැකිනම් සියලු ආයතනවල ඉංජිනේරුවන් රඳවා ගන්න හැකිවෙනවා. අපේ රටේ දක්ෂ ඉංජිනේරුවන් රටහැර ගොස් සේවය කරනවා. මේ නිසා ඒ සඳහා විසඳුම් දෙනාව නම් ගැටළු අවමකර ගන්න පුළුවන්. ඇතැම් ආයතනවලට ඉංජිනේරුවන්ගේ හිඟයක් තිබෙනවා. උපාධීධාරීන් වෙනුවෙන් රජය විශාල මුදලක් වියදම් කරනවා. නමුත් ඒ අය උපාධිය අරගෙන ගිය පසු රැකියාවක් නැති තත්ත්වයට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපිට විශාල වගකීමක් තිබෙනවා. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍ය වෙනවා. අමාත්‍යාංශ කිහිපයක් ජාතික ප්‍රතිපත්ති සකසාගෙන යනවා. අපේ අමාත්‍යාංශය තුළ මේ වනවිට ජාතික ප්‍රතිපත්තියක් හදාගෙන යනවා. මේ සඳහා විශේෂඥ සහාය ලබාගෙන ප්‍රතිපත්තිය සකස් කරනවා. පළමු වසරේ සිට උපාධිය දක්වාත් උපාධියෙන් පසුවත් ආණ්ඩුව මැදිහත්වන්න සිදුව තිබෙනවා. රැකියා අවස්ථා ඇති අංශ කෙරෙහි අවධානය යොමුකර උපාධීධාරීන් නිර්මාණය කළයුතු වෙනවා. තව පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවිය යුතු වෙනවා.

    ඒ වඟේම ඉංජිනේරුවන් නිර්මාණය වියයුතු වෙනවා. අද වනවිට රැකියා නොමැති විශාල පිරිසක් ඉන්නවා. රාජ්‍ය සේවයට වඟේම පෞද්ගලික සේවයට ද ආරක්ෂාව දියයුතු වෙනවා. රාජ්‍ය සේවයේ පඩිය හා වරප්‍රසාද වැඩිකර පමණක් මේ ගැටළුව විසඳන්න බැහැ.

    විකල්ප බලශක්තිය කෙරෙහි අපේ රටේ අවධානය යොමු වියයුතු වෙනවා. සෝලා පවර් දියුණු කරන්න ඕන. සුළං, මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය අවශ්‍ය වෙනවා.


    විමල් වීරවංශ මහතා සන්ධානයෙන් ඉවත්වන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සන්ධානයෙන් ඉල්ලීමක් කළයුතු වෙනවා. එවිට අපි සළකා බලන්න පුළුවන්. ඒ ලිපිය අවශ්‍ය ඕනෑම වේලාවක එවන්න පුළුවන්. අපි හැමවිටම සන්ධානය ශක්තිමත් කරන්න කටයුතු කරනවා.  

     

    රණවිරුවන්ට දේශපාලන හේතු මත දඩුවම් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. යම් නිලධාරියෙක් අසාධාරණ ලෙස රණවිරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් සොයා බලා දඩුවම් දෙනවා. රණවිරුවන් දඩයම් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. අපේ රණවිරුවන් සියයට දශමයක්වත් වැරැදිකර නැහැ.

     

    අපේ රටට අද වනවිට බරපතල අවදානම් නැහැ. වෙනදා මාර්තු මාසය වනවිට ජිනීවා හි ඇතිවන ප්‍රශ්න සම්බන්ධයෙන් උත්තර දෙන්න සිදුවෙනවා. නමුත් අද මේ රජය ජාත්‍යන්තරය පිළිබඳව දිනාගෙන තිබෙන විශ්වාසයත් සමඟ එවැනි තත්ත්වයක් නැහැ. හමුදාවේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ මත පළවුණා.

     

    පොලිස් නිලධාරීන් වැරැදි ලෙස කටයුතුකර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලනවා. ජනාධිපතිවරයා ද දැඩි ස්ථාවරයක ඉන්නවා. වැරැදිකරුවන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නේ නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya