අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ ගෙනා යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පවතින සහල් මිල සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ විමසමින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළේ ය.
විවාදයේ තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
නියඟය නිසා වී නිෂ්පාදනයේ සියයට 70%ක් 80%ක් පමණ අඩු වුණා. පෞද්ගලික අංශයේ වී රැස් කළ අය වැඩි ලාභයක් ලබාගන්න උත්සහ කළා. ඒක රහසක් නොවේ. වී අලෙවි මණ්ඩලය විශාල වශයෙන් වී තොග ගන්නවා කියනවා. අපි ගන්නේ සියයට 10%ක ප්‍රමාණයක්. අපි වී මෙක්ට්‍රික් ටොන් 175000ක් මිලදී ගත්තා. සියයට 90%ක් පමණ වී ගත්තේ පෞද්ගලික අංශයයි.
වී මෝල් 640කට අපි වී නිකුත් කළා.හැමෝම ලාභ ගන්න උත්සහ කළා.රජයක් ලෙස අපට වගකීමක් තිබෙනවා.මංකොල්ල කරුවන් ලෙස හැසිරෙන්න බෑ.රටේ ඇති වූ තත්ත්වය අවස්ථාවක් කර ගන්න එපා කියා ව්‍යාපාරිකයන්ට කිව්වා.සහල් සඳහා බදු අඩු කිරීම් කළා.ජනතාව බඩගින්නේ තියන්න ලෑස්ති නෑ.සහල් මිල අඩු කළා.දේශීය ගොවීන් අමාරුවේ දාන්නේ නෑ.අද රටේ සහල් තිබෙනවා.ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කළා.අවශ්‍ය සහල් තිබෙනවා.මේ සහල් හිඟය ඉතිහාසයේ පළමුවරට ඇති වූවක් නොවේ.උද්ඝෝෂණය කරන්න පුළුවන් රටේ නැති ප්‍රශ්න හදන්න එපා.මේ ප්‍රශ්නය විනිවිදභාවයෙන් දකින්න.රජය පාලන මිලක් දාලා තිබෙන්නේ ඒ නිසයි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.