සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සුවසර තක්සලාව’ හරිත පාසල් ප‍්‍රවර්ධන ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    පෙබරවාරි 15, 2017

    ‘සුවසර තක්සලාව’ හරිත පාසල් ප‍්‍රවර්ධන ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2016 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විණි.

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘සුවසර තක්සලාව’ හරිත පාසල් ප‍්‍රවර්ධන ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් වැඩසටහන සුවදායී පරිසරයකින් යුත් ඉගෙනුම් වටපිටාවක් මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් කි‍්‍රයාවට නංවා තිබේ.

     

    සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් තේරිමේ දී පාසල තුළ දෛනිකව ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය, පස, ජලය වැනි ස්වභාවික සම්පත් සංරක්ෂණ වැඩපිළිවෙළ, පන්ති කාමර තුළ හා අවට පිරිසිදු බව, බලශක්ති සංරක්ෂණයට දායක වන ආකාරය යන කරුණු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ප‍්‍රශ්නාවලියක් සකස් කර ප‍්‍රාදේශීය පරිසර නිලධාරින් මගින් පාසල්වලින් මූලික වටයේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ.

     

    පාසල තුළ කි‍්‍රයාත්මක කෙරෙන පරිසර හිතකාමී වූ ව්‍යාපෘති මෙන්ම පාසලේ පවිත‍්‍රතාව මෙන්ම පියකරු බව වැනි හරිත සංකල්පය ඔප් නැංවෙන කි‍්‍රයාකාරකම් පිළිබඳ ක්ෂේත‍්‍රයේ විද්වත් කණ්ඩායමක් විසින් දෙවන වටයේදී අවධානය යොමු කරයි.

     

    මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව 1,2,3 යන ස්ථාන වශයෙන් ජයග‍්‍රාහී පාසල් තෝරාගෙන ජයග‍්‍රාහී පාසල් 71 ක් සඳහා ත්‍යාග හා සහතික පත් ප‍්‍රදානය අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    2016 පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභී පාසලක ගුරුවරයෙකු සහ ප‍්‍රාදේශීය පරිසර නිලධාරියෙකු වෙත ත්‍යාග ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එමෙන්ම පළාත් පාලන ආයතන වෙත සම්මාන පිරිනැමීම යටතේ කොළඹ මහ නගර සභාව වෙත ද ජනාධිපතිතුමා අතින් සම්මානයක් පිරිනැමිණි.

     

    පිළිසරු ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන වෙත උපකරණ ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් නිර්මාණය කරන ලද පාරිසරික වශයෙන් වැදගත්වන දින සහිත පෝස්ටරය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya