සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක්

    පෙබරවාරි 15, 2017

    වෙළඳපොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් කඩිනමින් කි‍්‍රයාවට නැංවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපතිතුමා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

     

    සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

     

    වෙළෙදපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

     

    එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.

     

    සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසදුම් පිළිබඳ යෝජනා ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

     

    අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, පී. හැරිසන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිළධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya