සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඔස්ට්‍රේලියාවට ළඟා වෙයි

    පෙබරවාරි 14, 2017

    ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම සිව් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (13) දින මෙල්බර්න් ගුවන් තොටුපොළින් ඔස්ට්‍රේලියාවට ළඟා විය.



    අග්‍රාමාත්‍යවරයා ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස මෙල්බර්න් ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් (Daniel Andrews) සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හට්චසන් (Bryce Hutchesson) යන මහත්වරු විසිනි.

    එම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා ඇතුලු මහකොමසාරිස් කාර්යාල නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ.
     
    අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය අද (14) දින ආරම්භ වනු ඇත.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya