නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් වාහන පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවට - නව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී මාර්ග සංඥා පිළිබඳ දැනුවත් විය යුතුයි.

    පෙබරවාරි 07, 2017

    මෝටර් වාහන පනත යටතේ නියෝග අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නියෝග පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කළේ ය.

    නියෝගය ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා. මාර්ග ආරක්ෂාව සළසා විනය තබාගැනීම මෝටර් රථ දෙපර්තමේන්තුවේ ප්‍රධාන රජකාරිවලින් එකක්. සෑම වසරකම ලක්ෂ 05ක් පමණ මාර්ග අනතුරු සිදු වෙනවා. රක්ෂණ වන්දි නිසා සමහර අනතුරු වාර්තා වන්නේ නෑ.මෙය ආර්ථිකයට ද හානිදායක තත්ත්වයක්.මේ ගැසට් පත්‍රයේ කාලීන අවශ්‍යතාවන් අනුව සියල්ල සැළකිල්ල අරගෙන මගී ජනතාවගේ ආරක්ෂව අනුව ප්‍රමිතීන් සළකා තිබෙන්නේ.

     

    මාර්ග සංඥා, මාර්ග සළකුණු ජාත්‍යන්තර ප්‍රමිති ඇතුළත් කර තිබෙනවා. මාර්ග පිළිබඳව සංශෝධිත මාර්ග සලකුණු වැදගත් වෙනවා. මේ පිළිබඳව රියදුරන්, පදිකයන් දැනුවත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් විශාල ක්‍රියාමාර්ග රාශියක් ගත යුතුයි. නව මාර්ග නිර්මාණය කිරීමේ දී මාර්ග සළකුණු භාවිතා කිරීමට  කටයුතු කළ යුතුයි.නව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී මාර්ග සංඥා පිළිබඳ දැනුවත් විය යුතුයි. රියදුරු පසල් දැනුවත් විය යුතුයි. රියදුරු පාලස්වල ගුණාත්මකභාවය ,උපදේශකයන්ගේ දැනුම පිළිබඳව වඩ අවධානයක් යොමු කළා. රියදුරු උපදේශක තනතුර ගැසට් කර තිබෙනවා.රථ වාහන ප්‍රමාණය දැන් වැඩි වෙලා. සමස්ත ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන්නේ. මාර්ග පද්ධතියේ තදබදය, මාර්ග සංවර්ධනය විය යුතුයි. මාර්ග පුළුල් විය යුතුයි. සංවරය ඉහළ මට්ටමක පැවැතිය යුතුයි.ඉදිරියේ දී දඬ සංශෝධනය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

    හිස් වැසුම් ප්‍රමිතිය රෙගුලාසි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මාර්ග අනතුරු අවම කිරීමට රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya