නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි - අලුත් සම්ප්‍රදායක් ඇති කිරීමට නොහැකියි

    පෙබරවාරි 07, 2017

    සභාවේ කටයුතු ස්ථාවර නියෝග අනුව සිදුකළ යුතු බවත් අලුත් සම්ප්‍රදායක් ඇති කිරීමට නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයක් මතු කරමින් දිවුලපිටිය ආසනයේ පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණදැයි විමසීය.

     

    එහිදී පිළිතුරු ලබාදීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නැගී සිටියේ ය. විෂයභාර අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා නොමැති අවස්ථාවක පිළිතුරු ලබාදිය හක්කේ, සභානායක,හෝ ප්‍රධාන සංවිධායකතුමාට බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයාට එසේ පිළිතුරු ලබාදිය නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයට දන්වා සිටියේ ය.

    එහිදී නැගී සිටි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මෙය කාලීන ප්‍රශ්නයක් බවත්, සත්‍ය දැනගැනීමට අවශ්‍ය බවත්ය. එහිදී පිළිතුරු ලබාදුන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ස්ථාවර නියෝග  27 යටතේ  පිළිතුරු ලබාදීමේ අවස්ථාව පැවරිය හැකි බවත් ඒ අනුව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එය පැවරූ බවත් ය.

    එහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කළේ, පස් හොරු දිවුලපිටිය විනාශ කර ඇති බවත්  මෙය කාලීන ප්‍රශ්නයක් බවත් ය.

    එහිදී සභාවේ තරමක උණුසුම්වීමක් ඇති වූ අතර එහිදී පිළිතුරු දුන් කතානායකවරයා සඳහන් කළේ, සභාව විහිළුවක් කර නොගන්නා ලෙසයි. පසුව  වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya