නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර, ඇල්දෙණිය “සුවත උයන” ජනපති අතින් ජනතා අයිතියට

    පෙබරවාරි 07, 2017

    “සුවැති දැයක්” “දැයට හෙටක්” තේමාව යටතේ ඉදි වූ මහර ඇල්දෙණිය ළමා උද්‍යානය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ ඇවිදින මංතීරුව සහිත “සුවත උයන” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) ජනතා අයිතියට පැවරිණි.

    රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගීමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව රුපියල් මිලියන 306 ක වියදමින් සුවත උයන ඉදිකර තිබේ.

     

    අක්කර 10 ක භූමි ප‍්‍රමාණයක ඉදිකර ඇති සුවත උයන නවීන ව්‍යායාම උපකරණවලින් සමන්විත ශරීර සුවතා මධ්‍යස්ථානයකින් සමන්විත අතර ඇවිදින මංතීරුව කි.මි 1.8 කින් යුක්තය.

     

    මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරුණු අතර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය හා මහර ප‍්‍රාදේශීය සභාව යටතේ එහි පරිපාලන කටයුතු සිදු කෙරේ.

     

    අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද, ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya