69 වැනි ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියේදී අභිමාණවත් අයුරින් අද (04) පැවති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
එම් සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
“අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.
ඒ වගේම නිදහස සමරන අපි නිදහසේ සැබෑ අර්ථය පිළිබඳව කෙටියෙන් යමක් කථා කිරීම අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ලෝකයේ විවිධ රටවල ජීවත්වන ලෝකයේ විවිධ ජාතින් මා දන්නා පරිදි කථා කරන භාෂාවන් 6,000 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ සෑම භාෂාවකම නිදහස කියන වචනය සුවිශේෂ වූත්, අසමසම වූත් අනභිභවනීය වූත් වචනයක් ලෙසයි සලකන්නේ.
1505 සිට 1948 දක්වා අපේ රට විදේශීය ආක‍්‍රමණවලට යටත්වී තිබූ කාලපරිච්ඡේදය ගත් විට ඒ කාලපරිච්ඡේදය තුළ අපි කථා කළ නිදහස සහ අද කථා කරන නිදහස කියන වචනය අතරේ වෙනසක් තිබෙන බව ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා.
එදා 1948 ඩී.එස්. සේනානායක මැතිතුමා ප‍්‍රමුඛ සමකාලීන ජාතික නායකයින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතින් නියෝජනය කරන නායකයින්, ජාතික නිදහස් අරගලයට මහා යෝධ ශක්තියක් දුන්නා.
ඒ වගේම ඒ සටන තුළ අපේ නායකයින් සිරභාරයට ගත් අවස්ථා තිබෙනවා. 1505 සිට 1948 දක්වා කාලය තුළ රට වෙනුවෙන්, මේ රටේ නිදහස වෙනුවෙන් දහස් ගණනක් ජිවිත පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාග වගේම අධිරාජ්‍යවාදයට විරුද්ධව ලේ වැගිරීම්, ජීවිත පරිත්‍යග කළ ඒ අතීත විරුවන් සියලූදෙනාගේ ජීවිතවල ගුණ සුවද මේ නිදහස් දිනයේ විශේෂයෙන් අප සිහිපත් කළයුතු වෙනවා.
1930 දශකය, 40 දශකය වැනි කාලපරිච්ඡේදවල මේ රටේ නායකයින්ගේ ඉල්ලීම මත ඩොනමෝර් කොමිසන් සභාව, සෝල්බරි කොමිසන් සභාව මගින් අපිට වරින්වර තිබූ බලවත් පීඩාවන් ඉවත්කෙරෙමින් 48 පෙබරවාරි 04 වනදා නිදහස ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා.
ඒ වගේම නිදහස පිළිබඳ කථා කරන විට වසර 30 කට අධික කාලයක් අපේ රට එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට සටන් කළ විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම අත්‍යාවශ්‍යයි. ඔවුන් මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා, අතපය අහිමි කරගත්තා, ආබාධිතයින් බවට පත්වුණා, ඔවුන්ගේ පවුල්වල බරපතල විනාශයන් ඇතිවුණා. ආර්ථි විනාශයන් ඇතිවුණා. මේ රටේ සාමාන්‍ය ජනතාවත් සමඟ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඒ තුළ ජීවිත පරිත්‍යාග කළා. දහස් ගණනාවක් ආබාධිත වුණා. මේ තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සියලුදෙනාම පරාජිතයින්ද ? ඒ වගේම ජීවිත රැුකගත් සියලූදෙනා ජයග‍්‍රාහකයින්ද? එම ඛේදවාචකයෙන් මියනොගොස් ජීවත්වන අප සියලු දෙනාම ඉන් උගතයුතු පාඩම මෙනෙහි කිරීම ඉතා අත්‍යාවශ්‍යයි කියා මා විශ්වාස කරනවා.
එදා කථා කළ නිදහසට වඩා සංකීර්ණ අර්ථයකින් අද අපි නිදහස ගැන කථා කරනවා. අද නිදහස පිළිබ`ද කථා කරන විට මූලික වශයෙන්ම මානව නිදහස, මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, සිතීමේ නිදහස සාමකාමීව එක්රැස්වීමේ නිදහස මේ කියන කරුණු සමග අද අහස්කුස සිසාරා යන නිදහසක් පිළිිබ`දවයි කථා කරන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා.
ඒ වගේම 21 වැනි සියවසට ගැළපෙන නූතන රාජ්‍යයක් විදියට අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැගමේදී මූලික වශයෙන්ම දේශපාලන ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය මුල්කරගනිමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සාධක ඉෂ්ටකර ගැනීම ස`දහා රට තුළ වාර්ගික සංහි`දියාව, ආගමික සහජීවනය ශක්තිමත්වීම අත්‍යාවශ්‍යයි කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි රජයක් විදියට කැපවී සිටින්නේ ඒ සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදී බව විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි.
රට තුළ වාර්ගික සංහිඳියාව, ජාතික සමගිය සඳහා රජයක් විදියට අප විසින් විශාල කැපවීමකින්, අධිෂ්ඨානශීලිව අද මේ ගෙන යන වැඩපිළිවෙළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්වෙලා තිබෙනවා වගේම ඊට විරුද්ධව කටයුතු කරන අවස්ථාවාදී බලවේග සිටින බව පැහැදිළිව මා සඳහන් කරනවා. එම අවස්ථාවාදී බලවේග පටු චේතනාවෙන් කටයුතු කරන අය, රටට විරුද්ධව, රටට එරෙහිව කටයුතු කරන බලවේග වශයෙනුයි මම හදුන්වන්නේ.
නිදහස පිළිබඳව නිර්වචනය කිරීමේදී මූලික වශයෙන්ම අපේ රටේ ආර්ථික නිදහස සඳහා අද අපි සෑමකෙනෙක්ම කටයුතු කළයුතු වෙනවා. ඒ ආර්ථික නිදහස ලබා ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දැනුම, හැකියාව ඒ වගේම නව නිපැයුම්, නිපුණ ශ‍්‍රම බලකායේ කාර්යක්ෂමතාවය, ගොවිජනතාව ඇතුළු වැඩ කරන කම්කරු ජනතාව ඇතුළු සියලු ජනතාවගේ දහඩියෙන් වැගිරෙන ශ‍්‍රම ශක්තිය, ඔවුන්ගේ කැපවීම මෙහිදී අප කිසිවිටෙකත් අමතක කළයුතු නැහැ.
අපේ නූතන පරපුර අධිතාක්ෂණික දැනුම, නිපුණතාවය ලබා ගැනීම සඳහා දැඩි ආසාවකින්, ඒ වගේම දැනුම ලබාගැනීම සඳහා දැඩි පිපාසයකින් කටයුතු කරන බවයි මම දකින්නේ. අපේ නව පරපුරට දැනුම ලබාදීම සඳහා, දැනුම ආර්ථිකයක් තුළ රට ගොඩනැගීම සඳහා ලෝකය ජයග‍්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම අප සෑමවිටම රජයක් විදියට ප‍්‍රමුඛත්වයක් දී ඉටුකරන බව සඳහන් කරන්නට ඕන.
ඒ වගේම 21 වන සියවසේ රටේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට නම් පළමුව අපි සෑමකෙනෙක්ම ආර්ථික සමෘද්ධිය රට තුළ ඇතිකරගැනීම අත්‍යාවශ්‍යයි කියන එක ඔබ අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එහිදී අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ අපේ නව පරපුරට. තරුණ පරපුරට. 21 වන සියවසේ දැනුම මුල්කරගත් සමාජයක, දැනුම මුල්කරගත් අධ්‍යාපනයක්, දැනුම මුල්කරගත් ආර්ථියක් සමග නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ කි‍්‍රයාවලියේ උරුමකරුවෝ ද භාරකරුවෝ ද වෙන්නේ අපේ තරුණ පරපුරයි කියන එක විශේෂයෙන් මම මෙහිදී සඳහන් කරන්න ඕන.
ඒ අනුව නූතන ආර්ථික සංකල්පයන් වන දැනුම් ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, සමුද්‍රිය ආර්ථිකය යන විවිධාංගීකරණයට ලක් වූ සියලු ආර්ථික කි‍්‍රයාවලියන්, සංකල්ප අපේ රටේ ජාතික ආර්ථිකය සමඟ මුසු කිරීමට ශී‍්‍ර ලංකාව තුළ වෙසෙන උගතුන්ට, බුද්ධිමතුන්ට විශේෂයෙන්ම නව පරපුරට අවශ්‍ය ඒ මගපෙන්වීම සඳහා කටයුතු කරන ලෙස මා ගෞරවයෙන් ඒ සෑමකෙනෙකුටම ආයාචනා කරනවා.
ඒ වගේම රටක් විදියට කටයුතු කිරීමේදී අප ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ, අධිෂ්ඨානශීලිව කටයුතු කරන්නේ අපේ කැපවීම ආර්ථික නිදහස සඳහායි. මේ 2017 වසර දුගී භාවයෙන් නිදහස්වීමේ වසර ලෙස අපි නම් කර තිබෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.
විශේෂයෙන්ම තිරසර සංවර්ධන ජාතික ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, සමස්ත පොදු මහජනතාවගේ කැපවීම සහ පරිත්‍යාගශීලිභාවය අප බලපොරොත්තු වනවා, ඒ උතුම් ජාතික අරමුණ ඉටුකර ගැනීම සඳහා සෑම කෙනෙකුම ඒ වගකීම සහ යුතුකම ඉතා උසස් ලෙස ඉටුකරයි කියා මා විශ්වාස කරනවා.
අපි ඉතාමත් ශක්ති සම්පන්න ජනතාවක්. අපි ඉතා දක්ෂ කි‍්‍රයාශීලි ජනතාවක්. අපේ රටේ වෙසෙන්නේ උගත් ජනාතාවක්, බුද්ධිමත් ජනතාවක්. ඒ නිසා අපිට ජාතියක් විදියට ඉදිරියට යාමට ඒ දැනුම, සම්පත්, හැකියාව, දක්ෂතාවය තිබෙන බව පිළිගතයුතුයි. ඒ සඳහා රජයක් ලෙස ඒ සෑම කෙනෙකුටම අවශ්‍ය සහය ලබාදෙමින් අපේ මාතෘ භූමිය ගොඩනැගීමට එක්වෙමු කියන ගෞරවනීය ආයාචනය කරනවා.
ඒත් එක්කම අපේ රට ගොඩනැගීමේදී, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේදී වංචාව, දූෂණය, නාස්තිය, හොරකම පිටුදකිමින් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම සහ අවංකභාවය ඉතා අත්‍යාවශ්‍යයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයකි.
ඒ නිසා අපේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමේදී ප‍්‍රධාන වශයෙන් දේශපාලනඥයා අවංක, කැපවීමෙන් කටයුතු කරන චරිතයක් බවට පත්වීම අත්‍යාවශ්‍ය වූ කාරණයක්. ඒ වගේම සියලු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් ඒ අවංකභාවය සහ කැපවීම කොට මාතෘභූමිය ගොඩනැගීම සඳහා තම වගකීම සහ යුතුකම උසස් ලෙස ඉටුකරන බව මම විශ්වාස කරනවා.
අපි දේශපාලන ක‍්‍රම පිළිබඳව, ආර්ථික න්‍යායන් පිළිබඳව කථා කරන විට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒ වගේම වෙළෙඳපොළ ආර්ථිකයක් කියන කරුණුවලදී මූලික වශයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාධනීය සහ නිශේධනීය කරුණු හඳුනාගැනීමත් වෙළෙඳපොළේ ආර්ථිකයේ සාධනීය සහ නිශේධනීය කරුණු හඳුනාගැනීමත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ වෙළෙදපොළ ආර්ථිකයේ යහපත් සාර්ථක වූ අංගවල මිශ‍්‍රණයක් සමග ජාත්‍යන්තර ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන අපේ රට ගොඩනැගීම ඉතා අත්‍යාවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මේ සියලු කටයුතුවලදී අපි සෑම කෙනෙක්ම යුගයේ වගකීම, අවශ්‍යතාවය අවංකව ඉටු කරමු.
69 වන ජාතික නිදහස් උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස, සාර්ථක ලෙස පැවැත්වීමට ලැබීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා වගේම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු ආකාරයේ සහයෝගය ලබාදුන් සෑම කෙනෙකුටම මගේ ගෞරවණීය ස්තූතිය මම පුද කරනවා.
69 වන ජාතික නිදහස් දිනයේදී ඔබේ අපේ උතුම් ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය ගොඩනැගීම සඳහා අපි පවිත‍්‍ර වූ අවංක වූ චේතනාවෙන් කටයුතු කරමින් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ දැනුමෙන් සන්නද්ධ වූ ශක්තිමත් වූ ජයග‍්‍රහණයන් කරා ළඟාවෙමින්, සියලු ආකාරයේ ජාත්‍යන්තර සහයෝගයන් ලබා ගනිමින්, ජාත්‍යන්තර හොඳ හිත දිනා ගනිමින් ලෝකයේ ඉතාමත් විශිෂ්ට සමෘද්ධිමත් රාජ්‍යයක්, ජාතියක් ලෙස ගොඩනැගීමට අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරමුයි කියන ගෞරවනීය ආයාචනය සියලු දෙනා වෙත කරමින් මගේ කථාව අවසන් කරනවා.