අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒ කාලේ ඇඟලුම් කර්මාන්ත ශාලා වහන්න වුණේ කෝටා ක්‍රමය නිසා

    ජූනි 17, 2014

    ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ඇතැම් කර්මාන්ත ශාලා වහන්න සිදු වුණේ කෝටා ක්‍රමය පැවති නිසා කළමනාකරණයේ දුර්වලතා පැවති නිසා බවත් දැන් එවැනි තත්ත්වයක් නැති නිසා ඉතා සාර්ථක අයුරින් දැනට ක්‍රියාත්මක ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් මුදල් ලැබෙන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    ඒ කාලයේ කර්මාන්ත ශාලා ආරම්භ කළේ කෝටා ක්‍රමය මඟිනි. දැන් කෝටා ක්‍රමය අහෝසියි. ඒ ක්‍රමය මත වෙළෙඳාම් කරන්න බැරි තත්ත්වයක් තිබුණ බවත් ඒ තත්ත්වය දැන් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya