මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරවැව කුරුලු අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත වේ

    මාර්තු 28, 2014
    හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ ඉදිකළ කුරුලු අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    දුර්ලභ හා වඳ වෙමින් පවත්නා සත්ත්ව කොට්ඨාස අභිජනනය කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානය අක්කර 38ක භූමි භාගයක් පුරා පැතිර ඇත.
     
    ලෝක‍යේ සිටින සියලුම වර්ගයේ කුරුල්ලන්ගේ එකතුවක් මෙම මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන යනු ලබන බව එහි කළමනාකරණ අධ්‍යක්ෂ අමිත් ගාල්ලගේ මහතා පැවසීය.
     
    ඒ පිළිබඳ අධ්‍යයනය කරන පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන් ම කැමැත්තක් දක්වන සියලුදෙනාට තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සහිත පර්යේෂණ මධ්‍යස්ථානයක්ද ඉදිකර ඇත.
     
    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya