අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක මහතාගේ ඉල්ලීමට ජනපතිගේ අවධානය

    මාර්තු 28, 2014
    විනෝද සමයෙන් රටක් ප්‍රමෝදයට පත් කළ ප්‍රවීණ කලාකරු බර්ටි ගුණතිලක මහතාගේ ඉල්ලීම පල දරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී කතා බස් කරන්නට ඊයේ (27) ඒ මහතාට අවස්ථාව හිමි විය.
     
    නිරිඳුනි අසනු මැන බර්ටිගේ ඉල්ලීම මැයෙන් ජනවාරි 23වැනිදා සරසවිය පුවත්පතට කර තිබූ ප්‍රකාශය දුටු ජනාධිපතිතුමා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා අමතා වහාම ගුණතිලක මහතා තමා හමුවට කැඳවාගෙන එන ලෙස උපදෙස් දුන්නේය.
     
    ඒ අනුව රටක් දිනූ රාජ්‍ය නායකයාත්, රටක් හිනැස්සූ ප්‍රවීණ කලාකරුවාත් අතර හමුව ඊයේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණ. මෙම වයෝවෘද කලාකරුවා සමග සුහද කතා බහක නියැළුණු ජනාධිපතිතුමා ඔහුගේ දුක සැප විමසා සිටි අතර තිළිණයක් ද ප්‍රදානය කළේය.
     
    තමාට තිබෙන අසනීප තත්ත්වයට ප්‍රතිකාර පිණිස සති දෙකකට වරක් කොළඹ පැමිණීමට සිදුව තිබෙන අතර එසේ පැමිණි විට නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැතිවීම බරපතළ ගැටලුවක් බව ගුණතිලක මහතා ජනාධිපතිතුමා සමග ප්‍රකාශ කළේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිතුමා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග කතාබහ කොට නිවසක් ලබාදීමට කටයුතු කරන ලෙස රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.
     
    දහසක් රාජකාරි මධ්‍යයේ වුවද අසරණ කලාකරුවාගේ ඉල්ලීමක් වෙනුවෙන් සිය කාලය කැප කළ ජනාධිපතිතුමන් වෙත බර්ටි ගුණතිලක මහතා සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළේය. 
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සමග බර්ටි ගුණතිලක මහතාගේ දියණියන් දෙදෙනා සහ පුතණුවන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya