අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
පසුගිය කාලයේ පාරිබෝගික භාණ්ඩවල මිල ගණන් පිළිබඳව ගැටළුවක් ඇතිව තිබුණා.මෙය සිදුවන්නේ සැපයුම්වල යම් යම් විෂමතාවන් නිසා සහ ප්‍රවාහන වියදම් හේතුවෙන්.අපි උත්සහ කරන්නේ ජනතාවට හොඳම තත්ත්වයේ භාණ්ඩ ලබදීමටයි.එම භණ්ඩ අඩු මිලකට ලබාදීමටත් අපේ අමත්‍යාංශය උත්සහ ගන්නවා.අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට වැට් බද්ද අදාළ වන්නේ නෑ.අර්තාපල්, රතුළුණු,කිරිපිටි,තිරිගු පිටි,හාල්,කඩල,හාල් මැස්සන්,ඖෂධ වැනි භාණ්ඩ සඳහා වැට් අදාළ වන්නේ නෑ.
සතොස මධ්‍යස්ථානවල දී ජනතාවට පහසුකම් තිබෙනවා වැට් බද්දෙන් තොරව භාණ්ඩ මිලදී ගැනීමට.වැට් බද්ද අය නොකරන භාණ්ඩවල මිලට වඩා අඩුයි. සතොස වෙළඳ සැල්වලින් මේ භාණ්ඩ අඩු මිලට ලබගත හැකියි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අත්‍යාවශ්‍යයි කියා හඳුනාගෙන තිබෙන භාණ්ඩවලට වැට් බද්ද අදාළ වෙන්නේ නෑ.ඉතාමත් නොබෝ දිනකදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවාදැයි ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනවා.
මුදල් අමාත්‍යතුමා සමඟ කතා කරමින් යනවා, ගැසට් කළාට පසු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනවා.අපි සෑම දිස්ත්‍රික්කයකම පාරිබෝගික ආරක්ෂණ කාර්යාල පිහිටුවා තිබෙනවා.මේ ගැසට් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අධික මිලක් අයකරනවා නම් ඒ පිළිබඳව දැනුම් දිය හැකියි.
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙනවා ජීවන වියදම් කමිටුවක්.එම කමිටුවෙන් ද හඳුනාගෙන තිබෙනවා ආහාර කීපයක් .පාරිබෝගික අධිකාරීයේ ධාරිතාව වැඩි කිරීමට ගත යුතු පියවර මොනවද කියලා, අපි සාකච්ඡා කර තිබෙනවා. දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කරනවා.
අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබදී තිබෙනවා,කැබිනට් අනු කමිටුව සමඟ සාකච්ඡා කරන්න කියලා,අපි අඟහරුවාදා සාකච්ඡා කර අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබඳව යම් තීරණයකට පැමිණීමට බලාපොරොත්තු වෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.