නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් ජනපති හමුවේ සහතික වෙයි

    ජූලි 08, 2016

    ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර මුදල් වත්මන් රජය යටතේ නිසියාකාරව ආයෝජනය වන අයුරු දක්නට ලැබෙන බැවින් ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩවම සහය දක්වීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති Wencai Zhang මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කර තිබේ.

     

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ රට ගොඩනැගීම වෙනුවෙන් ලැබෙන ආධාර මුදල් වංචාවෙන් සහ දුෂණයෙන් තොරව නිවැරදි ලෙස ආයෝජනය කිරීම, තම රාජ්‍ය පාලනය තුළ සිදුකරන බවය. තව ද ආරම්භ කළ ව්‍යාපෘති නිසි කාලයට ගූණාත්මකභාවයකින් යුතුව නිම කිරීම සඳහා අදාළ අංශ වෙත නිසි උපදෙස් ලබාදී ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    පානීය ජලය, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ කෘෂිකර්මාන්තය සඳහා ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ සියලු ප‍්‍රදේශවලට එක සමාන සංවර්ධනයක් ලබාදීම තම අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.

     

    වසර 26 කට වැඩි කාලයක් පැවති යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාවට අහිමි වූ සංවර්ධන අයිතීින් නැවත ලබාදීම වෙනුවෙන් එම ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකාව සමග වසර 50 ක කාලයක් පුරා සබඳතා පවත්වන අතර ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මේ වනවිට ඩොලර් බිලියන 7.9 ක ආධාර මුදලක් ලබාදී තිබේ.

     

    ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් Huiping Huang, Sri widowati, tada tery Hayashi Shr යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya