නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ප‍්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය සම්පත් නොඅඩුව ලබා දෙන බව ජනපති පවසයි

    ජූලි 08, 2016

    ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක‍්‍රමය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බව පැවසූ ජනාධිපතිතුමා ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉදිරි ප‍්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය සම්පත් නොඅඩුවම ලබා දෙන බව ද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ වූ , ආයුර්වේද එක්ස්පෝ 2016, වෛද්‍ය ප‍්‍රදර්ශනය විවෘත කරමිනි.

     

    ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් 06 වන වරටත් සංවිධානය කරනු ලැබූ ප‍්‍රදර්ශනය ජූලි 09 සහ 10 යන දෙදින තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

     

    ඉන්දියාව, චීනය ආදී විදේශ රටවල කථිකයන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් දේශීය වෛද්‍ය සම්මන්ත‍්‍රණ ද මෙහිදී පැවැත්වෙන අතර එහිදී දේශීය වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා කෙරේ.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ අපට ඇත්තේ බොහෝ දීර්ඝ වූ කීර්තිමත් ඉතිහාසයක් බවයි.

     

    දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ එම දියුණුව යළි රට තුළ ඇති කිරීමත්, අපේ ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය විද්‍යාව තවදුරටත් ජාත්‍යන්තරයේ ප‍්‍රචලිත කිරීමත් වෙනුවෙන් ඉදිරියේදී වැඩසටහන් රැුසක් කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    ආයුර්වේද එක්ස්පෝ 2016 ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය ආමත්‍ය රාජිත සේනාරත්න, ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ, ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති තිලක් ගොඩමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya