කවිපති, නර්තනපති, අනුස්මරණ සම්මාන ඇතුළු කවියේ අභිවෘද්ධිය උදෙසා කැපවී කටයුතු කළ අය වෙනුවෙන් සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු වන සිතුම් හේලිත පෙරේරා සිසුවා විසින් රචිත, මගේ කවි සිතුවිලි, කාව්‍ය ග‍්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අගනුවර තරුණ කවි සමාජයේ සභාපති බොරලැස්ගමුවේ ප‍්‍රණීත් පෙරේරා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විය.
අගනුවර තරුණ කවි සමාජය හෙවත් අ.ත.ක.ස බිහිවන්නේ 1935 වසරේදී ය. එහිලා පුරෝගාමීන් වන්නේ පී.බී. අල්විස් පෙරේරා, විල්සන් හෑගොඩ, ආතර් ඇම්. ද අල්විස් සහ කඩවැද්දාවේ පීටර් පෙරේරා නම් පසුකලෙක කොළඹ යුගයේ කවියන් ලෙස ජනපි‍්‍රය වූ කවියෝය.
50 දශකය වනවිට අ.ත.ක.ස මද නිහැඩියාවක් ගත් අතර එයට යළි ප‍්‍රාණ වායුව ලැබෙන්නේ එච්.එම්. කුඩලිගම කවියා අ.ත.ක.ස සභාපති ධූරයට පත්වීමත් සමඟය.
1985 දී අ.ත.ක.ස ය රජය විසින් පාර්ලිමේන්තු පනතක් මගින් පිළිගෙන පුණ්‍ය ආයතනයක් බවට පත් කළ අතර වසර 81 ක් මුළුල්ලේ සිංහල කවියට, අ.ත.ක.ස යෙන් ලැබුණ පිටිවහල අපමණය.
බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, අගනුවර තරුණ කවි සමාජයේ සභාපති බොරලැස්ගමුවේ ප‍්‍රණීත් පෙරේරා, නියෝජ්‍ය සභාපති ආසිරි විජේසේකර යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් ද කවි, කිවිඳියන් සහ රසික පිරිසක් මෙම උළෙලට එක්ව සිටියහ.